නිළි රැජිනට රෝමයේදී උපහාර



අනෝමා ගමලත්
රෝමයේ සිට

සිංහල සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියට උපහාර පිදීමේ උළෙලක් පසුගියදා රෝමයේ සාලා සිනේ තියෙත්‍රෝ හිදී පැවැත්විණි.

මාලනී ෆොන්සේකා මහත්මිය මාසයකට ආසන්න කාලයක් ඉතාලියේ රැඳී සිටී. මිලානෝ සහ වෙරෝනා යන නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇයට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. එපමණක් නොව, උපහාර උත්සව ද පැවැත්විණි.

එම උපහාර උත්සව අතරින් අවසන් උපහාර උත්සවය රෝම නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.

එහිදී රෝම නගරයේ කවුරුත් දන්නා හඳුනන කවි කෝකිලාවි ප්‍රේමා කංකානම්ගේ මහත්මිය විසින් මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් කවි උපහාරයක් පිදීමට ද අමතක නොකළාය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ ‘අම්මාවරුනේ’ සිනමා සිත්තම පැමිණ සිටි පිරිසට නැරැඹීමට ද අවස්ථාවක් උදා විය.
‘මාලනී ෆොන්සේකා උපහාර’ උත්සවයේ සියලු සංවිධාන කටයුතු රෝමයේ සුදත් රෝහණ මහතාගේ මැදිහත් වීමෙන් සිදුවිය.


RECOMMEND POSTS