නිවාඩු ගොස් පැමිණිය හැක්කේ කොරෝනා නිමාවූ පසුවයි



සෞදි අරාබියේ රැකියාව කරමින් සිට නිවාඩු ගොස් සිටින ශ්‍රමිකයින් නැවත සෞදි අරාබියට පැමිණිය හැක්කේ කොරෝන වයිරසය සම්පුර්ණයෙන් නිමවූ පසු බව සෞදි මාධ්‍ය අනාවරණය කරයි.

දැනට තම මවු රටේ හෝ සෞදි අරාබියෙන් නිවාඩු හෝ පිටව ගොස්  සිටින විදෙස් ශ්‍රමිකයින් කිහිප දෙනෙකු විසින් කරන ලද විමසීමකදී සෞදි ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්තම නිලටිවුටර් ගිණුම මගින් ප්‍රකාශ කරන ලද්දේ නිවාඩු කාලය අවලංගු වි තිබුනද  නැවත දීර්ග කර ගැනීමට absher හෝ muqeem මගින් ඉල්ලීමක් කිරීමෙන් විසා පත දීර්ග කල හැකි බවත් එසේ වුවද පවතින කොරෝනා වසංගතය හමුවේ නැවත පැමිණිය හැක්කේ කොවිඩ් 19 කොරෝනා වසංගතය නිමාවට පත්වූ පසුව බවත්ය

අධ්‍යක්ෂ ජනරාල් වැඩි දුරටත් ටිවුටර් පනිවුඩය මගින් අනාවරණය කරන ලද්දේ කොරෝනා වයිරසය නිමවූ විගස තත්වය නිල මාධ්‍ය මගින් අනාවරණය කරන බවත් ඕනෑම අවස්තාවක තම විද්යුත් සේවාවabsherසහ muqeemහරහා  ක්‍රියාත්මක බැවින් සෞදි අරාබියේ වෙසෙන හෝ නිවාඩු ගොස් සිටින ඕනෑම සේවා දායකයකු විසින් කරන ඉල්ලීමකට ප්‍රතිචාර ලබා දීමට ගමන් බලපත් අංශය සුදානම් බවත්ය.

ලලිත් ප්‍රේමලාල්
සෞදියේ දමාම් සිට


RECOMMEND POSTS