නිදහසේ දැහැන අබුඩාබියේ



අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී  ලංකා සංස්කෘතික පදනම 70 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන “නිදහසේ දැහැන 2018” සංස්කෘතික ප්‍රංසංගය මේ මස 23 වෙනි දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම්කර ඇතැයි එම පදනම කියයි.

එදින පස්වරු 07.00 සිට 10.00 දක්වා අබුඩාබි ෆොක්ලෝ තියටර්හි දී එමම ප්‍රසංගය පැවැත්වෙන අතර ලාංකීය සංස්කෘතිය විදහා දක්වන අංගයන්ගෙන් සමන්විත මේ අවස්ථාවට අබුඩාබියේ සිටින ලාංකිකයන් හිතමිතුරන්ද සමඟ නොවරදවාම සහභාගි වෙන්නැයි එම පදනම ඉල්ලා සිටියි. මෙම ප්‍රසංගයට ඇතුල්වීම නොමිලේය.

 


RECOMMEND POSTS