නිදහසේ දැහැන 2017



69 වන නිදහස් දිනය මුලික කර ගනිමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද “නිදහසේ දැහැන 2017” සංස්කෘතික ප්‍රසංගය අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, එස්.ජේ.මොහීදීන් මැතිතුමා, නියොජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ හා තවත් ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සහ අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අබුඩාබි ෆොක්ලෝ තියටර්හිදී 2017 පෙබරවාරි 17 වන දින අවසන් වන්නට විය.
 
සාර්ථකව හා අලංකාරවත්ව  “නිදහසේ දැහැන 2017” සංස්කෘතික ප්‍රසංගය සංවිධානය කර තිබීම කාගේත් පැසසුමට ලක් විය.
 
ඉතාමත් කෙටි කාලයක් තුලදී දරු දැරියන්ගේ හා දෙමාපියන්ගේ වෙහෙස මන්සියේ ප්‍රථිපල වේදිකාව මත දිගහැරෙන විට සැමගේ සිත් සතන් අමන්දානන්දයට පත් වූ බවක් පෙනෙන්නට විය.
 
විශේෂයෙන්ම, අබුඩාබි මෙෂාන් දිසානායක රංගායතනයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නර්ථනයන් වැඩ සටහන වර්ණවත් කිරීමට මූලික වූ බව සටහන් කළ යුතුමය. එසේම අබුඩාබියේ වෙසෙන අනෙකුත් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද දේශාභීමානී ගීත එකතුවද, මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයෙන් ඉදිරිපත් කල සංස්කෘතික අංගය ද වැඩ සටහනේ සාර්ථකත්වයට මූලික වූ බව සිහිපත් කළ යුතුය.
 
එසේම සේනක මෙන්ඩිස් ප්‍රමුඛ Faith Live සංගීත කණ්ඩායම, අජිත් රූපසේන ප්‍රමුඛ ඩුබායි නාට්‍ය සංස්සදය, ශාන්ත ජයසිංහ ප්‍රමුඛ ඩුබායි ගයනා කණ්ඩායම ද හර්ෂණ කුමාර මහතා ද මෙම වැඩ සටහන සඳහා එක්වීම විශේෂත්වයකි.
 
තවද, ඒකල නර්ථනයන්, ගායනයන් ඉදිරිපත් කරමින්, ඉරේෂා මධුෂානි ෆොන්සේකා දියණිය, නෙහන්සා කුංකුම දියණිය, පමිත් සංවිදු ඒකනායක පුතණුවන් හා තෙසන්යා දිල්මානි විජේවර්ධන දියණිය දැක් වූ හැකියාව කාගේත් පැසසුමට ලක් වූ කරුණක් විය.
 
මේ සඳහා දරු දැරියන් පුහුණු කිරීමේදී, වේදිකා නිර්මාණයේ දී, වැඩ සටහන් මෙහෙයවීමේ දී මෙන්ම වීඩියෝකරණයේ දී දෙමාපියන් ලෙස තම තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරීමට ඒ සදහා මූලිකව ක්‍රියාකල දෙමාපිය පිරිස කැපවී ක්‍රියාකිරීම නිසා සංවිධායක මණ්ඩලයට පහසුවක් වූවා සේම අබුඩාබියේ සියළුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ එකතුවෙන් අපගේ සංස්කෘතියේ අභිමානය ලොවට කියා පාන්නට අබුඩාබියේ දී “නිදහසේ දැහැන 2017” තුළින් හැකි වූ බව අවසන් වශයෙන් සටහන් කරමි.
 
ජායාරූප - ජගත් කුමාර මහතා
 
EMBPG
අබුඩාබියේ සිට

 


RECOMMEND POSTS