නිදහස් දිනයදා කොටි හිතවාදීන් උද්ඝෝෂණයේ



 
ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය කළු දිනයක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෝලීය දෙමළ සංසඳයේ පිරිස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පසුගිය (04) වැනිදා උද්ඝෝෂණ නිරත විය.
 
ගෝලීය දෙමළ සංසඳයේ කඳවුම්කරු වී රුද්‍රකුමාරන්ගේ මෙහෙයවීම යටතේ බ්‍රිතාන්‍ය යේ වෙසෙන මෙම ගෝලීට දෙමළ සංසදයේ ප්‍රජාව විසින් මෙය සංවිධාන කර ඇත.
 
පැයකට ආසන්න කාලයක් පැවැති මේ උද්ඝෝෂණ ක්‍රියාවලියේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිලෙස දෝෂදර්ශනයට ලක් කරන ප්‍රකාශ සිදු කර ඇත. ඊළාම් රාජ්‍ය දිනය ලෙස ජාතික නිදහස් දිනය නම් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ සිදු කර තිබේ.
 
බ්‍රිතානය මහ රැජින පවා ශ්‍රීලංකවේ ජතික දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කර තිබෙන මෙවැනි අවස්ථාවක ගෝලීය දෙමළ සංසඳය මේ සියල්ල සිදු කරමින් සිටී.

RECOMMEND POSTS