නිදහස් දිනය ලන්ඩනයේදී මහ ඉහළින් සැමරේ



ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දින සැමරුමක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ නිදහස් දින සැමරුම් උලෙළක් එරට රජයේ නියෝජතියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ඇතුලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන්  අති උත්කර්ශවත් අන්දමින් පසුගියදා ලන්ඩනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රෙය් පැවති මෙම නිදහස් දින සැමරැම් උත්සවයට විවිධ ජන කොටස් , විවිධ ආගම නියෝජනය කරමින් ලාංකික ඩයස්පෝරා ප්‍රජාවද එක්වීම විශේෂත්වයකි.

ජාතික ධජය ඔසවා සිංහල සහ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරැණු අතර රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරැවන් ඇතුලු සියලු විරැවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබීය.පසුව සර්ව ආගමික වතාවත්ද පැවැත්විණි.

නිදහස් දින සැමරැම සමගාමීය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය විසින් පන්ඩනයේ වෙසෙන රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙනුවෙන් විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාදයක් වෙනමම පවත්වනු ලැබීය.ඊට පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්, නේස්බි සාමාවරයා, පොදුරාජ්‍ය කටයුතු පිළිබඤ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ්, ලාංකික සම්භවයක් සහිත ප්‍රවීන ග්‍රන්ථ කතුවරයෙකු වන රොමේෂ් ගුණසේකර ඇතුලු පිරිසක් එක් වූහ.

එහිදී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය සම්බන්ධතාවය ගැන පැහැදිලි කරීමක් සිදු කිරීමට අමතක නොකළේය.

එම රාජ්‍යතාන්ත්‍රික සාදයේදී පැමිණි වෙනත් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ට ලාංකික ආහාර වේල්,‘‘ සිලෝන් ටී‘‘ රහි රස බැලීමට අවස්ථාව ලබා දීමට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අමතක නොකළේය.


RECOMMEND POSTS