කොරෝනා මර්දනයට සෞදි රජය උපරිම උත්සාහයක



ලොව පුරා ඉතා සීග්‍රයෙන් පැතිරෙන කොවිඩ් 19 කොරෝනා වයිරසය මගින් මේ වනවිටත් විශේෂයෙන්ම යුරෝපය  ඇතුළු මැදපෙරදිග සහ අනිකුත් රටවලට ව්‍යාප්ත වනුයේ මහා බිහිසුණු වසංගතයක් ලෙසය.

චීනයේ යුහාන් ප්‍රදේශයෙන් පටන් ගත් කොවිඩ් 19 මාරයා ඉතාලිය ඇතුළු බටහිර රටවල් මෙන්ම මැදපෙරදිග රටවලටත් ආක්‍රමණය වී ඇති අතර දි අරාබිය ඇතුළු ගලප් කලාපයේ අනිකුත් රටවලට කර ඇති ආර්ථික සහ කාර්මික හානි මෙන්ම එදිනෙදා සාමාන්‍ය ජන ජිවිතයට එල්ලවී ඇති හානි තක්සේරු කල නොහැකි තරම්ය.

විශේෂයෙන්ම මෙම වයිරසය මගින් සෞදි අරාබියට කර ඇති හානිය මුළු ලොවටම එල්ල කල මාරු පහරක් වන අතර ලෝකයේ විවිද  රටවල් අතරින් අති බහුතරක් ජිවත් වන සහ ආදායම් උපයන සෞදි අරාබිය තුල මීවන විටත් කර්මාන්ත ශාලා ආයතන පාසල් රජයේ ආයතන ගමනා ගමය දුම්රිය කඩ සාප්පු සංකීර්ණ බාබර් සාප්පු කාන්තා සැලෝන් සහ අනිකුත් ආයතන තාවකාලිකව සිමා කර ඇති අතර සියලුම දෙස් විදෙස් පුරවැසියන් සදහා නිරන්තරයෙන් උපදෙස් හා පිළිපැදිය යුතු කරුණු සෞදි මාධ්‍ය මගින් දැනුම්වත් කරන අතරම හැකි තාක්දුරට  නිවෙස් තුලට වී සිටින ලෙසත් දන්වා සිටි

විශේෂයෙන්  මෙම කොවිඩ්  19 නව කොරෝනා වයිරසයපැතිරයාම වැළැක්වීම පිණිස සියලුම පුරවැසියන් ආරක්ෂා වීම සදහා සෞදි රජය විසින් විදිමත් සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කොට ඇති අතර ආහාරපාන ඇතුළු අනිකුත් බඩු  භාණ්ඩ මිලදී ගැනීමේදී  අනුගමය කලයුතු ක්‍රියාමාර්ග මෙන්ම  නිරන්තරයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානවලදී තබා ගතයුතු  පරතරය මීටර් දෙකක් දුරින් ගැවසෙන ලෙසත් මුහුණු ආවරණ පලදීම නිතර අත් සෝදා පිරිසිදු කිරීම ස්වයංක්‍රිය තරප්පු පෙළවල් භාවිතා කිරීමේදී  ස්පර්ශ නොකිරීම වැඩි පිරිසක් ගැවසෙන ස්ථාන වලින් බැහැරව සිටීම ප්‍රිය සම්භාෂණ උත්සව ආදියෙන් වැලකි සිටීම ඇතුළු පිළිවෙත් අනුගමය කිරීම ආදිය නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

මේ වන විටත් සෞදි අරාබියානු රජය කොවිඩ් 19 වයිරසය අකර්මන්‍ය කිරීම සදහා  ඩොලර් බිලියන 10 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාදී තිබෙන අතර සෞදි අරාබිය තුල පමණක් ඇදන් දෙදහස් හත්සියකින් යුතු අංග සම්පුර්ණ රෝහල්  25 ක් ස්ථාපනය කර ඇත. මේ අතර දිනෙන්දින ඉහල යන ආසධිතයින්ගේ සංඛ්‍යාව අනිකුත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවද කිව යුතුයි.

කෙසේ වුවද අද දිනය වනවිට සෞදි අරාබියේ නව කොරෝන වයිරසය ආසාදිතයින් 511  දක්වා  ඇති අතර 18 දෙනෙකු  සුවය ලබා ඇති  බවත් කිසිම රෝගියෙකු මේ වනතෙක් මියගොස් නොමැති බවත් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.මේ වන විට උත්ගතව ඇති තත්වය හමුවේ සෞදි රජය මගින්මෙම මස  23 දින සිට රාත්‍රී 8.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වාබලපවත්වන පරිදි ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කොට ඇති අතර මෙම ඇදිරි නිතිය දින 21 පුරාවටක්‍රියාත්මක බවත්  ඇදිරි නිතිය කඩ කරන්නන් හට නිතිය තදින් ක්‍රියාත්මක කරන බව සෞදි රජය මාධ්‍ය මගින් සදහන් කරයි. දිවා කාලයේ සාමාන්‍ය පරිදි රැකියාවන්වල නිරතවීමට කිසිදු බාදාවක් නැති වුවද කිසිදු භෝජන ශාලාවකට නැවතී ආහාර ගැනීම තාවකාලිකව අත්හිටවා ඇති අතර ආහාර පාර්සල් පිටතට රැගෙනයාම සදහා පහසුකම් සලසා ඇත..

තවදුරටත් සෞදි රජය මාධ්‍ය නිවේදන මගින් ඉල්ලා සිටිනුයේ කොවිඩ් 19 නව කොරෝන වයිරසය පිලිබදව යම් සැක සහිත ලෙස ශරීරයේ වෙනසක් දනේන්නේනම් දින 14 ක කාලයක් තමා ස්වයන් නිරෝධායනයයෙදෙන ලෙසත්   කිසියම් රෝග ලක්ෂණයක් (කැස්ස,ශරීර උෂ්ණත්වය වෙනස්වීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් ) වහාම අන් අයගෙන් වෙන්ව ගත කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටි

කෙසේ වුවද මේ ලිපිය ලියන මොහොත වන විට ලෝකය පුරා කොවිඩ් 19 කොරෝන වයිරසය ආසාධිතයින් 339645 සිටින අතර 98840 සුවය ලබා ඇති බවත් 14717 දෙනෙකු මියගොස් ඇති බවත් කොරෝන නවතම සංඛ්‍යා ලේඛන දක්වයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS