කොරෝන මැදපෙරදිග රටවල් ගිල ගනීද ?



මේ වනවිට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව විවිද මාධ්‍ය සහ තොරතුරු මත සනාථ කරයි.

චීනය මුලික කර ගනිමින් ව්‍යාප්ත වූ කොරෝන නම් මාරක වයිරසය මේ වන විට ඉරානය  ඉතාලිය ඇමරිකාව මෙන්ම මැදපෙරදිග රටවල් වන බහරේනය කුවේටය වැනි රට වලටදසුළු වශයෙන් හෝ  ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර එම රටවලට අවටින් සිටින සෞදි අරාබියාව ට ව්‍යාප්ත වීමේ ඉඩ කඩක් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. මාරක වයිරසයක් වන කොරෝනා වැනි වයිරසයක්  මිට වසර කිහිපයකට පෙරද සෞදි අරාබියේ ජිවිත කිහිපයක් බිලිගත් නමුත් එම වයිරසය ඔටුවන්ගේ ශරීරයෙන් නික්මවූ වයිරසයක් බවට සොයා ගත් අතර එයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මෙතෙක් කිසිදු පුථ්ගලක්යෙකු හට එම වයිරසය වැලදී හෝ ආසාධිත බවක් වාර්තා වී නොමැත.කෙසේ වුවද හුස්ම ගැනීමේ අපහසු තාවයක් සහ පෙනහළු තුල ආසාදනයක් පමණක් ඇතිවූ එම වයිරසය මේ තරම් භයානකව ව්‍යාප්තවීමේ අවධානමක් නොතිබිණ.

කෙසේ වුවද මේවන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම ඇති බයානක කොරෝනා වයිරසයසැලකිය යුතු වර්ධනයක් පෙන්වමින් මැදපෙරදිග රටවලටත් සංක්‍රමණය වෙමින් පවතින අතර  බහරේනය කුවේටය යන රටවල කිහිප දෙනෙකුටම ආසාධිත වී ඇති අතර සෞදි අරාබිය තුලද ඒ පිලිබදව දැඩි අවධානයකින් පසු වන්නේ ඉරානය සහ බහරේනය යන රටවල පුරවැසියන් හෝ සෞදි පුරවැසියන් එම රටවල සංචාරය කිරීම නිසාය.එසේ වුවද මේ වන විට සෞදි අරාබියානු ජාතිකයින් දෙදෙනෙකු හට මෙම වයිරසය ආසාදිතව ඇති බව සෞදි රජය නිල වශයෙන් පිළිගෙන ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සෞදි අරාබියානු රජය විසින් කොරොන වයිරසය රට තුලට පැමිණීම වැලැක්වීම උදෙසා කොරෝනා නිරෝදායන රෝහල් 25සහ ස්ථාපනයට පියවර ගෙන ඇති අතර උම්රා වන්දනාවේ පැමිණෙන පිරිසතාවකාලිකව අත්හිටවා ඇති අතර සංචාරක විසා සදහා චීනය, තායිපේ,හොන්කොන්ග්,ඉරාන්,කොරියාව,ජපානය,තායිලන්තය,මැලේසියාව,ඉන්දුනීසියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉරාකය,පිලිපීනය,සින්ගපුරුව,ඉන්දියාව,ලෙබනනය,සිරියාව,යේමනය,අසර්බයිජානය, කසකස්තානය,උස්බෙකිස්තානය,සෝමාලියාව,වියට්නාමය රට තුලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටවා ඇතිබව සෞදි ගුවන් සේවය නිවේදනයක් මගින් සදහන් කර ඇත.

සෞදි අරාබියට පැමිණෙන සමහර රටවල ගුවන් ගමනද තාවකාලිකව නවතා දමා ඇති අතර ගල්ෆ් කලාපිය රටවලින් පැමිණෙන පුරවැසියන් පිලිබදව විශේෂ අවධානයකින් පසු වන සෞදි රජය ඉදිරි කාල තුල නිරෝදායන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ස්ථාපනය කිරීමටද යුහුසුළුව පියවර ගන්නා බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ අතර කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ කොරෝනා වයිරසය ආසාදිත වුවන් කටාර් රාජ්‍ය තුල වාර්තා වී ඇති බැවින් තම සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබදව වඩාත් විමසිලිමත වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින අතරම වයිරසය ආසාධිත බවට සැකසහිත රෝග ලක්ෂණ පහළවී ඇත්නම් ලගම පිහිටි රෝහල වෙත යාමට කටයුතු යොදන ලෙස කටාර් රජය උපදෙස් ලබාදී ඇති බවත් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සදහා ස්ථාපනය කර ඇති විශේෂ දුරකථන අංකය වන 16000 අමතා උපදෙස් ලබා ගන්නා ලෙසයි.කටාර් තානාපති කාර්යාලය මගින්ද 0097474703413  අන්කයද සම්බන්ද විය හැකි බවද සදහන් කරයි.

මෙම වයිරසය පිලිබදව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලිය බලධාරීන් පැවසුවේ තම ආරක්ෂාව පිලිබදව නිරන්තරයෙන් සැලකිලි මත වන ලෙසත් නිවෙස් තුලින් පිටවන සැමඅවස්තාවකදීම මුඛ වැසුම් මෙන්ම අත් වැසුම් පැලදීම සහ අනිකුත් ආරක්ෂක ක්‍රමවේධ පිළිපැදිය යුතු බවත්ය.

සටහන උපුටා ගැනීම්

රණසිංහ ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS