ඕමානයේ රසිකයනට සිහිනයක් නොවු “සිහිනයකි රෑ”



ශ්‍රී ලංකා රූපවාහිනියේ ඉරුදින විකාශනය වන සිහිනයකි රෑ ගීතමය වැඩසටහන සඳහා ඕමානයේ දී රූපගත කරන ලද කොටස් 2 ක් ඉදිරි සතිදෙක තුලදි විකාශනය වීමට නියමිතය.

දිවයිනෙන් බැහැරව සේවය කරන සිංහල ගීත රසිකාවියක ලෙස “සිහිනයකි රෑ” රූගත කිරීම සජීවිව අත්විද ඒ සුන්දර අත්දැකීම් පාඨක සැම හා බෙදා ගැනීමේ අටියෙන් මේ සටහන තබන්නට සිතුවෙමි.

විවිධ ටීවි නාලිකා අතර නානාමාදිලියේ ගීතමය හා සංගීතමය වැඩසටහන් විකාශනය වනු දැකිය හැකිය. අදාල සතියේ, මාසයේ හෝ වසරේ ජයප්‍රියම ගීතය හෝ ඊට ගැලපු රූපකාව්‍යයක් තේරීම සුලබ ගීතමය වැඩසටහන්ය.ගීතයක ජයප්‍රියතාවය මත හෝ අන් අයුරකින් හොඳ නරක මිනිය හැකිද. එසේත් නැතිනම් ගීතයක් ජනප්‍රිය වන්නේකි නම් මිනුමක හොඳ නරක නිසාද?

ඒ මිණුම් දඬු කෙසේ වෙතත් ගීතයක් සංගීතයත් හා ගී රසාස්වාදයත් අදකාලයේ සරදමටද, පරම්පරා ගැටුමටද, ලක්ව අයාලේ ඇදියනබව නොරහසකි. දිනෙන් දින ගීතයේ මෙන්ම ගීත රසාස්වාදයේ අරුත් හීනවන බවට මැසිවිලි වැඩිවන අතරම අරුත් සුන්වු පදමාලා හා ගොරහැඩි කඨෝර සංගීත ඝෝෂා දෙසට ඇඳී යන තරුණ පරපුර දෙසබලා සුසුම්ලනු වෙනුවට ඒ සඳහා ධනාත්මකව බලා යමක් කරන්නට ගත් සොඳුරු වෑයමකි. සිහිනයකි රෑ.

ශ්‍රීලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවීණ මාධ්‍යවේදි මහේෂ් නිශ්ශංක නම් තරුණ මාධ්‍යවේදියාගේ අපුරුවෑයම, ගීතය මෙන්ම ගීත රසාස්වාදයේ නව මිණුම්දඬු සොයායන සුන්දර රූපවාහිනි ගවේෂණයකි.

විවිධ ක්‍ෂේත්‍රවල නියැදෙන වෘත්තිකයන් හෝ කලාකරුවන් කැමරාව ඉදිරියට ගෙන්වා ඔහු හෝ ඇය ගීත රසිකයකු ලෙස තමා කැමති ගී තෝරන්නට ඉඩදි එම ගීත තවත් ගායකයකු හෝ ගායිකාවක ලබා ගැයීමට ඉඩසැලැස්වීමමේ අතිසාර්ථක පර්යේෂණයයි.

ගීත රසිකයකු තමා තෝරා ගන්නා ගී රැස ගැයීමට හේතු හෙලිකරමින් එම ගී වල අරුත්රස ඇගයීම නිරායාසයෙන්ම සිදුවේ. එක්එක් ගී රසිකයාගේ දැක්මෙන් එකම ගීයක වුවනෙක අරුත්ලෙස හෙලිවේ.

නැවුම් හඬකින් අප අසා ඇති ගී ගැයීමට සැලැස්වීමත් සමහර විටෙක ජනප්‍රිය මාධ්‍යයකට වසර ගණනක් අමතකව තිබු නව මුහුණුවරකින් අප ඉදිරියට විකාශනයවේ.

මෙම සියල්ලන්ටමත් වඩා ඇගයිය යුත්තේ මහේෂ් නිශ්ශංකයන්ගේ අනගි හැකියාවයි. රසිකයා හා කෙරෙන සංවාදය තුලින්ම බොහෝවිට එම ගීතයන්ගේ භාව රස මතුකරමින් හැඟුම්බර නිහඬතාවයකට ගෙනයමින් ගායකයාගේත් රසිකයා මෙන්ම නරඹන්නන්ගේ සංවේදි සිතුවිලි අවදිකර හදපත්ලම අතගා බලන්නට ඔහු සමත්වේ.

මතුපිටින් ගී අසා සතුටින් විසිර යනවාට වඩා ගීතයේත් සංගීතයේත් ගැඹුරටම කිමිදෙමින් සංවේදිතාවන් සහ අරුත් අතර සැරිසරමින් ගෙවුන ඒ වින්දනීය පැය කිහිපය ජීවිතය පුරා අමතක නොවන අත්දැකීමකි සිහිනයකි රෑ.

දිවයිනෙන් බැහැරව කල්ගෙවන අපවැන්නන්හට සජීවි ගී රසවිදින්නට ඇති අවස්ථා විරලය. එවන් අරුත් බර රසපිරුණු සජීවි ගී වින්දනයක ඉඩහරසරසන්නට මුල පිරෙන්නේ කුමාරි සේනානායක මහත්මියගේ උද්යෝගය හා සම්බන්ධිකරණයයි. මහේෂ් නිශ්ශංකයන්ගේ සිහිනයකි රෑ දිවයිනෙන් එතෙරට ගෙනයන නව අදියරට පා තබන්නට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා හා කාර්ය මණ්ඩලයෙන් ලැබුණු දිරිය අගය කලයුත්තේ, එයින් පල ලබන්නට අප ලැබු භාග්‍යය නිසාය.

මේ කාර්යය සඳහා උරදෙමින් සංවිධානය සඳහා කාලය හා ශ්‍රමය කැප කල ලලිත් කුමාර, ඩඞ්ලි සේනානායක, වජිර කස්තුරිආරච්චි, නිහාල් ජයසිංහ හා ලලින්ද්‍ර ප්‍රනාන්දුගෙන් සමන්විත සංවිධායක කමිටුවටත් මහත් වෙහෙසක් ගෙනෙමින් පුහුණුවීම් කටයුතුවල යෙදෙමින්, අවසන ඉතාඅගනා ලෙෂ සැම අතින්ම සපිරිනු සංගීත වෘදයන් සැපයු බන්දුල හේමාල් පෙරේරා ප්‍රමුඛ අනුරුද්ධ කරුණාරච්චි, සිරිමල් ජයකොඩි, කවින්දු ප්‍රනාන්දු, උපුල්රන්ජන්, තුවාන්ඉෂාන් ගන්තිහාසේනකහේමන්තගෙන්සැදුනුවාi වෘන්දයෙත්, ගායනයෙත් එමසැන්දෑව ගීතවත් කල ලලිත් කුමාර, චම්පා සේනානායක, තුෂානි මෙරියන්, කුමුදු ජයසිංහ, සුරාජ් සෙනරත්, පුන්‍යා චාන්දනී, දිස්නා ප්‍රියංකා, හර්ෂ මාහිංගොඩ සහ ලක්මාල් දිසානායක ඇතුළු අගනා ගායක ගායිකා පෙළගෙත් ගී තෝරා ඇගයීමට ඉදිරිපත්වුනු රත්නසිරි ජයසිංහ, යසංග දෙවගේ, අසංකා ප්‍රනාන්දු, විශ්වා බස්නායක, එෆිස් මරික්කාර් හා ඩන්සටන් සිසිර කුමාර ඇතුලු රසික පිරිසගේත් රූපලාවන්‍යය කටයුතු වලින් සම්මාදම් වුනු තනුජා මාහියංගොඩ, පසුබිම් අලංකරණය කළ චමින්ද විතාරම ඇතුලු සංවිධානයෙත් සහාය දුන් හැමගේ“සිහිනයකි රෑ” නම් වු සිහිනය සිහිනයක්ම නොවීය.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති, කේ. පද්මනාදන් මහතා, ඕමානයේ ශ්‍රී ලංකා විiාලයේ විදුහල්පති නීල් සුභසිංහ මහතා හා අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් ඇතුලු දෙසිය පනහක් ඉක්මවු රසිකකැලක සහභාගීත්වයෙන් ඕමානයේ මස්කට් නුවර අල් ෆ්ලාජ් හෝටලයේ දි රූගත කල සිහිනයකි රෑ දස දෙස ජනතාවට රසවිඳින්නට එය ඉදිරි සතියේදී විකාශනය කෙරේ.

ඕමානයේ මස්කට් නුවරසිට චන්ද්‍රකාන්ති සටහන් කරයි.

ඡායාරූප :- සෙනරත් බණ්ඩාර වීරකෝන්
         ඕෂධී සේනානායක


RECOMMEND POSTS