එමීරයේදී අසරණ වූ අපේම අයට අතහිත



Covid-19 උවදුර නිසා අනපේක්ෂිත ලෙස අසරණව සිටින එක්සත් අරාබි එමීරයේ වාසය කරන ශ්‍රීලාංකික සොහොයුරු සොහොයුරියන්හට යම්කිසි දුරකට හෝ සහනයක් සැලසීමේ අරමුණෙන් ඔවුන්හට වියළි ආහාර මල්ලක් ලබාදීමට, ඩුබායි රජයේ Community Development Authority (CDA) හි අනුමැතිය ඇතිව " සහන" සංවිධානය විසින් කටයුතු සුදානම් කර ඇත.

අසරණව සිටින අපේම සොහොයුරු සොහොයුරියන්හට  උපකාරයක් කිරීමට ඔබත් කැමැතිනම් කරුණාකර  https://lankancart.com/ වෙබ් අඩවියට ඇතුල්ව වියළි අහාර සලාක (SAHANA Dry Ration Pack) මිලදී ගන්නා මෙන් එම සංවිධානය ලාංකිකයින් ගෙන් කාරුණිකව ඉල්ලා  ඉල්ලා සිටී.

ඔබ මිලදී ගන්නා වියළි ආහාර ස්වෙච්ජා සේවකයන් විසින් උපකාර අවැසි ශ්‍රීලාංකිකයන්ගේ නිවෙස්වලටම ගොස් ලබා දෙන බවද එම සංවිධානය කියා සිටී

ඔබට මෙම වැඩපිලිවෙල පිලිබදව වැඩිවිස්තර අවශ්‍යය නම්  මෙහි නම් සදහන්,  " සහන " ස්වෙච්ජා සේවකයන් අමතා වැඩි විස්තර ලබා ගන්න.

එමෙන්ම උපකාර අවැසි අයද කරුණාකර " පහත ඡායාරූප වල නම් සදහන් " සහන " ස්වෙච්ජා සේවකයන් අමතා ඔබේ නම, පදිංචි ස්ථානය සහ ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි කරන්න. ඔබට අවශ්‍යය වියලි ආහාර හැකි ඉක්මනින් ඔබ නිවසටම 

පැමින ලබාදීමට අප පොරොන්දු වෙමු.

වැදගත් - සීමිත අරමුදල් පමණක් ඇති බැවින් උපකාර ඇත්තෙන්ම අවැසි අය පමණක් ලියාපදිංචිවී මෙම සහනය ලබා ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඔබේ නිවසේම රැදී සිටින්න. ප්‍රවේසම් වන්න


RECOMMEND POSTS