එමිරේට්ස් නිදහස් දින සැමරුම



ශ‍්‍රී ලංකාව සිය 70 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරන අවස්ථාවේදී එමිරේට්ස් සමූහයේ සේවය කරන ශ‍්‍රී ලාංකේය සේවකයින්ද එක්ව නිදහස් දින සුභ පැතුම් එක් කරමින් තමන්ගේ අදහස් බෙදාහදා ගැනීමට කටයුතු කළේය.

ඔවුන් විසින් ජාතික අභිමානය කැටි කරමින් නිර්මාණය කළ මිනිත්තුවක හද උණුසුම් කරන වීඩියෝව one minute video නැරඹීමට ආරාධනා කරන අතර මෙම වීඩියෝව සඳහා පෙනී සිටින්නේ ශ‍්‍රී ලාංකිකයින් වීම කැපී පෙනේ. මෙහිදී, ඔවුන් එමිරේට්ස් සමූහයේ ගුවන් මෙහෙයුම්, ගුවන් තොටුපොළ සේවා, ගුවන් යානා ආහාර පාන, ආයතනික සන්නිවේදන අලෙවිකරණය සහ සන්නාම, ඉංජිනේරු, ඩනාටා සහ මර්හභා යන අංශ මෙම වීඩියෝව සඳහා පෙනී සිට තිබේ.

‘දහසකුත් ශ‍්‍රී ලාංකිකයින්ට ඩුබායි දෙවැනි නිවහනක් වැනියි. එමිරේට්ස් සමූහය විසින් මේ වනවිට ශ‍්‍රී ලාංකිකයින් 1,350 කට වැඩි සංඛ්‍යාවක් සේවා නියුක්ත කර තිබෙන අතර අපගේ ජාත්‍යන්තර සේවක කණ්ඩායමේ ඔවුන් වැදගත් පිරිසක්. ඔවුන් විසින් විවිධ අයුරින් අපගේ සමාගමේ සාර්ථකත්වය සඳහා දායකත්වය ලබාදෙනවා. දශක තුනකට වැඩි කාලයක පටන් එමිරේට්ස් ශ‍්‍රී ලංකාව සමග බැඳී සිටින අතර ගුවන් ප‍්‍රවාහන පාලමක් තනමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩවම සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව එමිරේට්ස් ආඩම්බර වෙනවා. මේ තුළින් සංචාරක කර්මාන්තය සහ වෙළඳාම සඳහා සහයෝගය ලබාදී තිබෙන අතර එය එම ක්‍ෂේත‍්‍ර වල ලාංකිකයින්ට සෘජු සහ වක‍්‍ර රැකියා ඇති කිරීම සඳහා රුකුලක්’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - වාණිජ මෙහෙයුම් (බටහිර ආසියා සහ ඉන්දියානු සාගර කළාපය) අහ්මඞ් කූරි මහතා පැවසීය.

එමිරේට්ස් සමාගම 1986 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන අතර කොළඹ සිට සතියකට ගුවන් ගමන් වාර 35 ක් ක‍්‍රියාත්මක කරයි. මින් ගුවන් ගමන් වාර 28 ක් මාලේ සහ ඩුබායි වෙත බටහිර දෙසට ක‍්‍රියාත්මක කරන අතර ගුවන් ගමන් වාර 07 ක් සිංගප්පූරුව නැගෙනහිර දෙසට කි‍්‍රයාත්මක කරමින් ශ‍්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත 155 ක් වෙත සම්බන්ධ කරයි.


RECOMMEND POSTS