එතෙර අපි - අබුඩාබි ශාඛාව ලෝක කාන්තා දිනය සමරයි



ලෝක කාන්තා දිනයට සමඟාමීව "එතෙර අපි" සංවිධානයේ අබුඩාබි ශාඛාව විසින් එළඹෙන 08වන සිකුරාදා අබුඩාබි හීදී කාන්තා දිනය සහ කාන්තා හමුවක් සංවිධානය කොට ඇත.

මෙම කාන්තා දින සැමරුම සහ හමුව Al Khaleej Al Arab Public Park හීදී උදෑසන 9.30 සිට ප.ව. 1 දක්වා පැවත්වීමට නියමිත අතර මෙහිදී විශේෂ තේ පැන් සංග්‍රහයක් සහ ක්‍රීඩා තරඟ කිහිපයක් සමඟ Calypso සංඟීතයෙන් මුසු වූ මොහොතක් විඳගැනීමට අවස්ථාව හිමිවේ.
 
2019 වසර සඳහා එතෙර වෙසෙන ආදරණීය ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් "එතෙර අපි" - අබුඩාබි සංවිධානය විසින් කරනු ලබන පළමු වැඩසටහන මෙය වන අතර මේ සඳහා සහභාඟීවන සියළු දෙනාටම විශේෂ ත්‍යාග ලබා දීමටද සංවිධායකයින් කටයුතු යොදා ඇත.
 
- Jiffry

RECOMMEND POSTS