ඊශ්‍රායල් සංචාරකයින් ගෙන්වා ගැනීමේ වෑයමක්



ඊශ්‍රායල් සංචාරකයින් වැඩිපුර මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ එරට  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා පවත්වනු ලැබිණි.

ටෙල්අවිව් නුවර පිහිටි ෂෙරටන් හෝටලයේ පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහනට එරට සංචාරක ක්ෂේත්‍රයේ  නියැලි කොටස්කරුවන් , නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති පෙරියසාමි පිල්ලෙයි සෙල්වරාජ් මහතා විසින් ලෝන්ල් ප්ලැනට් , නැෂනල් ජියෝග්‍රැෆික් ආදි මාධ්‍ය ආයතන විසින් ලංකාවෙ ලෝකයේම සංචාරක ආකර්ශනය දිනා ඇති අයුරු ගැන පැමිණි පිරිස් දැනුම්වත් කරනු ලැබිණි.

විශේෂයෙන් ලංකාවේ ආකර්ෂනීය සංචාරක ස්ථාන ගැන අමතක නොවන මතකයින් ලබා ගැනීමේ හැකියාව, සංචාරකයින් පවතින සුඛෝපභෝගී සංචාරක නවාතැන්පොළවල් පිළිබද ව ශ්‍රී ලංකා තානාපතිවරයා එම සංචාරක නියෝජිතවරුන් දැනුවත් කළහ.

එසේම ශතවර්ෂ ගණනාවක් පැරණි ශ්‍රී ලංකාවේ  ඓතිහාසික තොරතුරු දැක බලා ගැනීෙම් වැදගත්කම පිළිබදවද සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වු අසූවකට ආසන්න ඊශ්‍රායල් නියෝජිතයින් දැනුවත් කිරීමටද සංවිධායකයෝ පියවර ගත්හ.

මෙහිදී සංචාරක නියෝජතියින් හට ලංකාවේ ආකර්ශනීය ස්ථාන පිළිබද ඇතුළත් වීඩියෝ පටයන්ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ අජන්ත රත්නායක මහතා විසින් මෙහිදී පෙන්වන ලදී.

ටෙල් අවිව් නුවර පැවති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සන්වේ හොලිඩේ , සෙනිත් එක්ස්පෙඩිෂන්, සිලෝන රෑටින්, ජෙට්වින්ග් ට්‍රැවල්ස් , ජේර්ජ් ස්ටුවර්ට්ස් ට්‍රැවල්, නවමිනි ට්‍රැවල්  ආදි සංචාරක නියෝජිත ආයතන රැසක් සහභාගී වූහ.


RECOMMEND POSTS