අස්මිල් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ ලාංකිකයන් අනතුරේ



සෞදි අරාබියේ අස්මිල් කන්ස්ට්‍රක්ෂන් නමැති විශාල ප්‍රමාණයේ විවිද ව්‍යාපෘති මෙහෙයවන ආයතනයකශ්‍රී ලාංකිකයින් දෙසීය දෙනෙකුගේ පමණ රැකියාවල අවදානමක් පවතින බව 5 නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාවට පැමිණි එම අවදානමට ලක්වූ ශ්‍රී ලාංකිකයෝ පැවසුහ.

දෙසියකගෙන් සමන්විතවූ පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුනයෝ ලෝඩර් ඔපරේටර්,ඩ්‍රය්වර්,වඩු කාර්මික,පෙදරීරු,ටයිල් පීටර්,පොර්මන්,ආදී තනතුරු දරුවන් වන අතර ඔවුන් ඉතා ආවේගශීලිව තානාපති නිලධාරින් ඉදිරියේ පැවසුවේ මෙම ආයතනයී ප්‍රධානතම ව්‍යාපාරය වන ගොඩනැගිලි නිර්මාණය සහ ඉදිකිරිම සදහා අනිකුත් විදේශිකයින් හැරුණකොට වසර දෙකී සිට වසර දහය දක්වා කාලයක්ශ්‍රී ලාංකිකයින් දෙසීයකට අදික ප්‍රමාණයක් රැකියාව කරමින් සිටි බවත්  මිට මාස නවයක පමණ කාලයක සිට මොවුන් සදහා කිසිදු වැටුපක් හෝ ආහාර දීමනා ඇතුළු කිසිදු පහසුකමක් ආයතන බලධාරීන් විසින් ලබාදීම නවතා දමා ඇති බවයි.

මාස හතරක සිට සෞදියේ රැදී සිටීමේ වලංගු බලපත්‍රය දීර්ග කර නොමැති අතරම ආයතනයෙන් පිටව කිසිදු තැනක ගැවසීම හෝ මාර්ගයේ  ගමන් කිරීම සෞදි නීතියට අනුව තහනම් වන බැවින් තත්වය ඉතාම අනතුරු දායක බවද පවසයි. ඔවුන් තානාපති කාර්යාල බලධාරීන් හමුවේ පවසා සිටියේ තම හිග පටුප් ලබා ගැනීම සහඉක්මනින් ලංකාවට පිටත් කර හැරීම සදහා තානාපති කාර්යාලය මැදිහත් වන ලෙසයි.

මී පිලිබදව රියාද් පිහිටි තානාපති කාර්යාලයෙන් ජංගම ස්වාව සදහා පැමිණ සිටි තෙවන ලේකම් සුනිල් විජේසිංහ මහතාගෙන් විමසු විට ඔහු පවසුවේ මෙම ආයතනය පිලිබදව මිට කලින්ද තමා වෙත වාර්තා වී ඇති අතර මේ වන විටත් ඒ පිලිබදව කටයුතු කිරීම ආරම්බ කර ඇති බවත්  අද දිනමෙම ගැටලුවට මුල්වී ඇති සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන්  වාචිකව සහ ලිකිතව කරුණු විමසීමෙන් අතතුරුව ඔවුන්ගේ පැමිණිලි වෙන් වෙන්ව ලබාගෙන තානාපති කාර්යාලයේ ලියාපදිංචි  කල බවත් පැමිණිලි පිලිබදව  ආයතන ප්‍රධානින් හමුවී ඉතා ඉක්මනින් කඩිනම් විසදුමක් ලබා දීමට තානාපති කාර්යාලය කටයුතු කරන බවත්ය.

කෙසේ වුවද සෞදි අරාබියේ යම් යම් ආයතන තුල සිදුවන මෙවැනි අසාධාරණ ක්‍රයාකාරකම් පිළිබවද කඩිනමින් විසදුමක් ලබා දීමට තානාපති කාර්යාලයේ ඉතා ඉක්මනින් මැදිහත් වීමක් සිදු නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ වෙසෙන අඹු දරුවන් ඇතුළු සියලු යැපෙන්නන් හට මහමගට  බසින්නට සිදුවනු නොඅනුමානය .

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.
06.04.2019

RECOMMEND POSTS