අමාත්‍ය විමල් විරවංශ මහතා සෞදියේ සංචාරයක



කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ,කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සහ ව්‍යවාසායසංවර්ධන අමාත්‍ය විමල් විරවංශ මහතා තෙදින පෞත්ගලික සංචාරයක් සදහා පසුගිය පසුගිය 9 වන දින සෞදි අරාබියේ රියාද් නුවරට ලගාවිය.

සෞදි අරාබියේ තම හිතවත් පාක්ෂිකයින් විසින් සංවිධානය කර තුබූ මෙම සංචාරය ජනවාරි  9 වැනි දින සිට 12 වෙනි දින දක්වා පැවති අතර තම හිතවතුන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින්  විරවංශ මහතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී

විශේෂයෙන්ම මෙම සංචාරයේදී අමාත්‍ය විරවංශ මහතා විසින් රියාද් පිහිටි ශ්‍රී  ලංකා ජාත්‍යන්තර පාසලේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූ අතර අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතාද ඊට සහභාගි  විය.ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ නිරීක්ෂණ චාරිකාවේදී අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානින් මෙන්ම දෙමාපියන් සමගද  සුහද කතාබහක යෙදුන අමාත්‍ය විරවංශ මහතා පාසල් දරු දැරියන් මෙන්ම දෙමාපියන් හට  පවතින ප්‍රශ්න සහ ගැටළු පිලිබදවත් සෞදි අරාබියේ අධ්‍යාපනය ලබන දරු දැරියන් මතු දිනක ශ්‍රී ලංකාවේ පාසල් වෙත ඇතුලත් කිරීමේදී ඇතිවන ගැටළු පිලිබදවත් කරුණු සාකච්චා කල අතර ඒ  සදහා ගතයුතු පියවර පිළිබදවද  සාකච්චා කරන ලදී.මේ අවස්ථාවට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ විදුහල්පති අමානුල්ලා සාලි මහතාද සහභාගී විය.

මෙම සංචාරයේදී සෞදි සංවර්ධන අරමුදලේ ඉහල  නිලධාරින් හමුවී සාකච්චා කිරීමටද අවස්තාවක් උදා කරගන්නා ලදී.මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල ලෙස රැකියාව කරන අල් කරාජ් කිරි සහ අනිකුත් ආහාර පාන නිෂ්පාදනය කරනහෙක්ටයාර් දහස් ගණනක් පුරාවර විහිදෙන  අල් මරායි සත්ව ගොවිපල නැරබීමට සහ එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් මුණගැසීමටද හැකිවිය. කෙසේ වුවද අමාත්‍යවරයාගේ සංචාරය පෞද්ගලික සංචාරයක් වුවද ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වැදගත් සහ පලදායි අර්ථවත් සංචාරයක් වේයැයි රියාද් වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශ්වාසයක් තබනු නොවනුමානයි.

 ලලිත් ප්‍රේමලාල් සමග
සමන් දර්ශන  සෞදි අරාබියේ සිට..

RECOMMEND POSTS