අබුඩාබියේ ලේ දන්දීමක් හා වෛද්‍ය සායනයක්



EMBPG
අබුඩාබියේ සිට
ජායාරූප - චන්දන මදනායක මහතා

ශ්‍රී ලංකාව වසර 133 ක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැතුනා.

ඉන් අනතුරුව අපේ මුතුන්මිත්න්ගේ ලේ ගංගාවන් හරහා ශ්‍රී ලංකාව නිදහස් බිමක් බවට පත් වන්නේ 1948 පෙබරවාරි 04 වනදිනය.

එදින උදෑසන 07.30 ට ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවර්තුමා, සර් ජොන් හොවාර්ස් අගවිනිසුරුවරයා ඉදියේ දී දිවුරුම් දුන්නා. එදින රතිඤ්ඤා හඩින් මුළු රටම ගිගුම් දුන්නා. සෑම  පන්සලකම ඝණ්ටාර නාදය පැතිර ගියා. එසේ නිදහස් ලංකාවක් උරුම කර ගත් අපි මේ සමරන්නේ 71 වන නිඳහස් වසරයි.

71 වන නිදහස් දිනය මුලික කර ගනිමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන හා වෛද්‍ය සායනය අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, ඒ.එස්.කාන් මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ හා තවත් ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සහ අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අබුඩාබි අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේ දී 2019 පෙබරවාරි 01 වන දින අවසන් වන්නට විය.

අබුඩාබි, NMC රෝහලේ මෙහෙයවීම නොමිලයේ සිදු කරන ලද වෛද්‍ය සායනය සදහා අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහභාගීත්වය නොඅඩුව ලැබුණි. එසේම ජීවියක් ජීවත් කරවීම උදෙසා තම ලේ බිඳක් ලබා දීමට පැමිණි පිරිසද අබුඩාබි ලේ බැංකුව වෙත ලබා දුන් දායකත්වය අගය කළ යුතුය.


RECOMMEND POSTS