අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මිලානෝ නුවර



කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 23 වෙනි ඉරුදින ඉතාලියෙ මිලානෝ නුවරට සැපත් විය.  

පසුගිය පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරවලින් විපතටපත් දෙස් විදෙස් ජනතාව වෙනුවෙන්  මිලානෝ කිතුණු සංඝය විසින් සූදානම්කර තිබූ විශේෂ දේව මෙහෙය පැවැත්වීම සඳහා උන් වහන්සේට ආරාධනා කර තිබුනි. රෝමයේ වතිකානයේ සිට පැමිණි උන් වහන්සේ සමඟ ඉතාලියෙ සංක්රමණික ශ්රමිකයින් භාර ගරු නෙවිල් ජෝ පියතුමන්ද,ගරු ජූඩ් සමන්ත පියතුමන්ද,ගරු ඩෙනිස්ටන් සුභසිංහ යන පියතුමන්ලාද එක් වී සිටියහ.

මිලානෝ නගර මධ්යයේ පිහිටි ශාන්ත අන්තෝනි අබාතේ දේවස්තානයේදි ඉරු දින උදෑසන 10.30 මෙම දිව් යාගය ආරම්භ වු අතර සඳහා අති විශාල ශ්රී ලාංකීක ජනතාවක් සහභාගිවී සිටියහ. ශ්රී ලංකා ජන රජයේ මිලානෝ කොන්සල් ජෙනරාල් ගරු ඩෙන්සිල් ෆොන්සේකා මහතාද මෙම අවස්ථාවට සහභාගීවි සිටිනු දක්නට ලැබුනි.

අති උතුම් කාදිනල් උතුමාණන් සමඟ මිලානෝ කිතුණු සංඝයේ අධ්යාත්ම උපාධ් ගරු ක්ලෝඩ් වනසිංහ පියතුමාද,සංජීව පෙරේරා පියතුමාද මෙම දිව් පූජාවේ ආගමික කටයුතු මෙහෙය වූහ.

දිව් පූජාව අවසානයේ මිලානෝ කිතුණු සංඝය විසින් උන් වහන්සේ වෙත යුරො දස දහසක මුදලක් පරිත්යාග කල අතර එම මුදල් එදින දිව් පූජාවට සහභාගී වූ බැතිමතුන් විසින් සහ විවිධ ධන පරිත්යාගශීලින් විසින් කල පරිත්යාගයන් විය. පාස්කු ප්රහාරයෙන් විපතටපත් ජනතාවගේ සුභ සාදනය සඳහා මෙම මුදල් වැය කරන බව අති උතුම් අගරදගුරුතුමන්  පැමිණ සිටි බැතිමතුන් අමතා පවසා සිටියහ.

සටහන -  සුමිත් අරුණ
ඉතාලියේ මිලානෝ නුවර සිට.

RECOMMEND POSTS