සින්චොන්ජී යේසුසභා සාමාජිකයෝ ප්ලාස්මා පරිත්‍යාග පරිත්‍යාග කරති



ඩේගු මලල ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 16 වනදා සිට ලබන මස 11 වන දින දක්වා සති 3 ක් සඳහා ප්ලාස්මා පරිත්‍යාග කිරීමේ මෙහෙයුමක්  සැලසුම් කර ඇත - සින්චොන්ජි සාමාජිකයින් 4,000 ක්

 මීට සහභාගී වන අතර මීට පෙර ප්ලාස්මා පරිත්‍යාග වාර දෙකට සහභාගී වූ 1,700 දෙනා ද  සහභාගී වීමට සැලසුම් කරති.

සාක්‍ෂි මණ්ඩප දේවමාළිගාව වන සින්චොන්ජී යේසු සභාව(සභාපති මෑන් හී ලී, “සින්චොන්ජී”) කියා සිටියේ  තෙවන අදියරෙහි ප්ලාස්මා පරිත්‍යාග කිරීමේ මෙහෙයුම මේ මස 16 වන දින සිට සති 3 ක් සඳහා පවත්වන බවයි.  මෙම ප්ලාස්මා ප්‍රදානයට සාමාජිකයින් 4,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොරියානු රෝග පාලන හා නිවාරණ ඒකකය (කේ.ඩී.සී.ඒ) පසුගිය මාසයේ සින්චොන්ජී සභාවට ප්ලාස්මා පරිත්‍යාගයට සහභාගී වන ලෙස ඉල්ලා සිටියේ, “ප්ලාස්මා පරිත්‍යාගයෙන් ප්ලාස්මා ප්‍රතිකාර ක්‍රමයක් ඉක්මනින් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යය. එවිට COVID-19 අඛණ්ඩව රට තුළ සහ විදේශයන්හි සිදුවීම් සඳහා එම ප්‍රතිකාරය භාවිත කළ හැක. ”යන්න පවසා සිටී.

සින්චොන්ජී යේසුසභාව විසින් පසුගිය ජූලි සහ සැප්තැම්බර් මාසවලදී ප්ලාස්මා පරිත්‍යාග වාර දෙකක් පවත්වා තිබුණි.  ප්ලාස්මා ප්‍රතිකාර සංවර්ධනය කිරීම සඳහා මේ දක්වා පුද්ගලයින් 2,030 ක් ප්ලාස්මා පරිත්‍යාගයට සහභාගී වූ අතර ඔවුන්ගෙන් 1,700 ක් පමණ සින්චොන්ජී යේසුසභාවේ සාමාජිකයෝ වෙති.  අවම වශයෙන් දෙවරක්වත් සහභාගී වූ පුද්ගලයින් 312 ක් සිටිති.

මධ්‍යම ආපදා හා ආරක්‍ෂිත මිනුම් මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්වොන් ජූන්-වුක් තෙවන වරට පැවති නිතිපතා සාකච්ඡාවේදී මෙසේ පැවසීය. “ප්ලාස්මා ප්‍රතිකාර සංවර්ධනය කිරීම සඳහා සින්චොන්ජි සාමාජිකයින් 4,000 ක් පමණ 16 වෙනිදා සිට සති තුනක් ප්ලාස්මා පරිත්‍යාගයට සහභාගී වීමට සැලසුම් කර ඇත.   සින්චොන්ජියේ ක්‍රියාකාරී සහභාගීත්වයට සහ ඩේගු නගරයේ සහ කොරියානු රතු කුරුස සංවිධානයේ සහයෝගයට අපි කෘතඥපූර්ව වෙමු.”

තෙවන අදියරෙව් ප්ලාස්මා පරිත්‍යාගය ඩේගු මලල ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරෙන අතර, ස්වේච්ඡා සේවකයින් සමඟ සුමට මෙහෙයුමක් සහතික කරනු ඇත.  පළමු හා දෙවන ප්ලාස්මා පරිත්‍යාගකරුවන් , බදු ගෙවන්නන් මත බර අඩු කිරීම සඳහා, ඔවුන්ට ලැබෙන්නාවූ  වොන් 20,000 සිට 30,000 දක්වා වූ ගමන් වියදම් ආධාර ලැබීම ද ප්‍රතික්ෂේප කර ඇත.

සින්චොන්ජී යේසුසභාවේ සාමාජිකයෙක් මෙසේ පැවසීය. “ප්ලාස්මා ප්‍රතිකාරය ආරක්ෂිත ක්‍රමවේද යටතේ භාවිතා කරන බවට ප්‍රවෘත්ති (සීජී ග්‍රීන් ක්‍රොස්) ඇසීමෙන් මම සතුටු වෙමි.  එය අපට  (COVID වලින් සුවය ලැබූ අය ලෙස) කළ හැකි වටිනාම දෙයයි. ”  “ප්ලාස්මා පරිත්‍යාගයට සහභාගී වීමේ අපගේ අත්දැකීම් තුළින්, COVID-19 ජය ගැනීමට ඇති හැකියාව ඉවසීම, ප්‍රේමය සහ එකමුතුකම බව අපගේ සභාවේ සියලුම සාමාජිකයින්ට වැටහී ඇත.  ප්ලාස්මා ප්‍රතිකාර මගින් දකුණු කොරියාව COVID-19 ජය ගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු.”

"සභාවේ  පහසුකම් සඳහා වන වසා දැමීමේ නියෝග කලාප අනුව ඉවත් කර තිබීම ගැන බොහෝ දෙනා සැලකිලිමත් වන බව මට වැටහී ඇත.  COVID-19 තත්ත්වය ස්ථාවර වන තුරු, පහසුකම් වසා දැමීම සහ එක්රැස් කිරීම තහනම් කිරීම සඳහා වූ නියෝග ඉවත් කරනු ලැබුවත් නැතත්,අපගේ ප්‍රජාවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව වෙනුවෙන් සහ අපගේ සභාවේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්  දකුණු කොරියාවේ සෑම සින්චොන්ජී සභාවක්ම අන්තර්ජාලය හරහා නමස්කාරයන් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව කරුණාවෙන් සලකන්න.”

(සින්ඩිකේටඩ් මාධ්‍ය  නිකුත් කල අන්තර්ගතය,ඊඩී ටයිම්ස් විසින් ලිවීම, සංස්කරණය කිරීම හෝ වැඩිපුර යමක් එක්කර නොමැත)


RECOMMEND POSTS