පැරිස් ධම්ම චක්ක විහාරයේ බක්මහ සිරි



පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් 2019 අප්‍රේල් මස 14 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙලානු  ක්‍රීඩාංගනයේ දී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය.

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද, ලාකුරනව් නගරාධිපති සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ සහ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලුත් අවුරුදු චරිත්‍රානුකුලව දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග්‍රහ වලින්  පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය .කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සඳහා දහම් පාසලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුවෝය. බක්මහ උළෙල අවසානයේ ඉතාමත් අලංකාර සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත් වුයේය .

පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අලංකාර නර්තන වලින් සංස්කෘතික ප්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් වුණි . පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි් පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ඇතුලු  ගෞරවණීය අමුත්තෝ  රැසක් සංස්කෘතික ප්‍රසංඟයේ අසුන් ගෙන සිටියෝය.

එදින අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වෙයි.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට


RECOMMEND POSTS