කොවිඩ් 19 අහිමි කල අනාගත සිහින



කොවිඩ් 19 කොරෝනා වයිරසය ගැන කතා නොකරන කෙනෙක් ලෝකයේ කොහෙවත් කොතනකවත් නොමැති තරම්,මෑත කාලින ඉතිහාසය මතකයේ සනිටුහන් වන දරුණුම කෙදවාචකයන් තුලින් වඩාත්දරුණුම ඛේදවාචකය වුයේ ටි සුනාමි නොහොත් අග්නි දිග සහ දකුණු ආසියාතිකයම දරුණු ඛේදවාචකයකට  පත් කරමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ දිවි අහිමි කල සුනාමි ව්‍යසනයයි.

එසේ වුවද එක කලාපයකට හෝ එක මහාධ්විපයකට පමනක් සීමාවූ සුනාමි ව්‍යසනයෙන් ආර්ථික,සමාජීය,සහ භූගෝලීය විෂමතාවන්ට ලක්වුයේද රටවල් කිහිපයක් පමණි.පිලිපීනයේ සහඇතපෙරදිග හට ගන්නා ඇතැම් ගිනි කදුත් ශාන්තිකර කලාපිය භූ චලනත් මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපයේ සිවිල් සහ දේශපාලනික යුධ්ධත්ඒ ඒ රට වලට ඇතිවූ දේශපාලනික සහ ආර්ථික පසුබෑම් පසුපස හබා ගියද කොවිඩ් 19 තරම්ම පරිහානියට පත් කල යුගයක් ගැන ඉතිහාස ගත වනුයේ පරම්පරා සිය දහස් ගණනකගේ මතකයේ තබමිනි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර ඇති කොවිඩ් 19 පෘතුවි තලයට අහිමි කරන ලබන්නේ මිනිස් ජිවිත පමණක් නොව . චීනයේ වුහාන් නගරයෙන් මතුව ආ කොවිඩ් 19 මුළු ලෝකයේම  ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජිවිත බිලි ගත්නා සේම ඊට සමගාමිව විවිද රෝගාබාද වලට ලක් වූ සහ ලක් වෙමින් පවතින සංඛ්‍යාව ගණනය කල නොහැකි තරම්ය. විශේෂයෙන්ම කොවිඩ් 19 මගින් සිදුකල ආර්ථික සහ සමාජ පරිහානිය තුලින් මිනිසාගේ අනාගත බලාපොරොත්තු සියල්ල සුනු විසුනු කරමින් කල විනාශය අති මහත්ය.ලෝක ජනගහනයෙන් අති බහුතරයක් හුදකලා කරන්නට සමත්වූ කොවිඩ් 19 දිලින්දාගේ සිට මහා මන්දිර වෙත ගමන් කරනු ලබන්නේ කිසිදු භෙදයකින් තොරවය,දහසක් බලාපොරොත්තු පොදී බැදගත් අති විශාල ජනතාවගේ අනාගත සිහිනයට එල්ල කරනු ලැබුවේ කිසිදු සානුකම්පිත හැගීමකින් තොරවය යන්න කිවහොත් නිවැරදිය.

විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවනෝපාය වෙත එල්ලවූ කොවිඩ් මගින් කුඩාම ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාන කර්මාන්තකරුවා දක්වාත් අනාගතය වෙනුවෙන් සැලසුම් කල සියල්ලත් දින නයමයක් නොමැතිව කල් දැමීමට හෝ ඒ ගැන සිතන්නටවත් කාලයක් ඉතිරි කොකිරිම කෙතරම් බරපතල ඛේදවාචකයක්ද? මේ වන විට ලෝක තෙල් කර්මාන්තය බින්දුවට බැස්සවූ කොවිඩ් එ මගින් ඇතිවන සියලු කර්මාන්ත සහ රාජ්‍ය,රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන,කොටස් වෙළදපොල,සංචාරක, ආදී සියල්ල වෙත සිදුකල ඇති බිහිසුණු විනාශය කෙතරම්ද කිවහොත් කුමක් කරන්නෙහිද කවදා කරන්නෙහිද යන්න  සිතීමටපවා උගහටය.

විශේෂයෙන්ම විවිද රටවල විවිද රැකියාවල නියුතු ශ්‍රමික බලකායේ ප්‍රධාන පරමාර්ථයක් වනුයේ කිසියම් හෝ දිනක තම මවුබිමට ගොස් කුමන හෝ අධායම් ක්‍රමයකින් තම ජිවිත කිසියම් හෝ ප්‍රමාණයකට සිඛිත මුදිත කර ගැනීම උදෙසා කුමන හෝ කර්මාන්තයක් කරමින් ජිවත් වීමට වුවද කොවිඩ් 19 විසින් සම්පුර්ණයෙන්ම විනාශ කරමින් තිබීම කෙතරම් කේදජනකද..

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි.

RECOMMEND POSTS