‘බ්‍රෙක්සිට්’ ගිවිසුමට අත්සන් තැබේ



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අදාල ගිවිසුමට බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අත්සන් තැබුවේය.

ඒ අනුව, ලබන 31 වැනිදා මහා බි‍්‍රතාන්‍යය දශක ගණනාවකට පසු සිය සමීපතම වෛළඳ සගයා වන යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇත. එය ඓතිහාසික සිදුවීමක් යැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා පෙන්වා දී තිබේ.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි බි‍්‍රතාන්‍ය වැසියන් කැමැත්ත පළ කළේ 2016 දීය. ඒ, එම වසරේ පැවැති ජනමත සමීක්ෂණයකිනි. ඉන්පසු පාලක කොන්සවටිව් පක්ෂයේ නායිකාව වූයේත්, අගමැති ධුරය බාරගත්තේත් තෙරේසා මේ ය.

කෙසේ නමුත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ඇයට නොහැකි විය. ඒ අනුව, කොන්සවටිව් පක්ෂ නායකයා මෙන්ම අගමැතිවරයා බවට පත් වූයේ බොරිස් ජොන්සන් ය.
ආරම්භයේ දී අගමැති ජොන්සන්ට ද බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඒ, සාධාරණ අයුරින් යෝජනාවලියක් ඇති කර ගැනීමට නොහැකි වූ බැවිනි. ඒ අනුව අගමැති ජොන්සන් මහ මැතිවරණයක් පැවැත්වීය. එයින් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ජොන්සන්ට හැකිවිය.

ඒ අනුව, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අදාල ගිවිසුමට කිසිදු බාධාවකින් තොරව සකස් කෙරුණු අතර, දෙවැනි එලිසබත් මහ රැුජිනගේ අනුමැතිය ඊට හිමිවිය.

ඒ අනුව ලබන 31 වැනිදා මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇත. එසේ ඉවත් වුවත් සිදුවන වෙනස්කම්වලට හුරුවීමට මාස 11 ක සහන කාලයක් ද හිමිවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS