‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම ඇරැඹේ



‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව ආරම්භ කිරීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය අද දහවල් සමත් විය.

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම හරහා රොබෝ යානා දෙකක් සහ කක්ෂගත රොබෝ යානයක් සඳ වෙත යැවීම සිදු කෙරේ. මෙම යානා රැගත් රොකට්ටුව අද (22) සවස 2.43 ට ගුවන්ගත කිරීම සාර්ථකව සිදු කෙරුණි.

ඉන්දියාව මෙම මෙහෙයුමට යොදා ගන්නේ ඔවුන් විසින් නිපදවනු ලැබූ යානා සහ රොකට්ටුවකි. ඒ සඳහා වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 145ක් යැයි පැවැසෙයි.

චන්ද්‍රයාන් 2 මෙහෙයුමට අයත් මවු යානය දින 23 ක් පෘථිනි කක්ෂයේ කැරැකෙනු ඇති බවත් ඉන්පසු එය සඳුගේ කක්ෂයට පිවිසෙනු ඇති බවත් ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS