ෆේස්බුක් සමාගම දඩ කයි



ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන අසූ හතකගේ තොරතුරු ඇතුළත් දත්ත, දේශපාලන ප්‍රචාරක ආයතනයක් වන කේම්බි්‍රජ් ඇනලිටිකා සමාගමට ලබා දීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක් (රුපියල් කෝටි 90,000) ක දඩයක් නියම කර ඇත.

ෆේස්බුක් ග්‍රාහකයන්ගේ තොරතුරු කේම්බි්‍රජ් ඇනලිටිකා සමාගමට දීම සම්බන්ධයෙන් ඇමෙරිකන් මධ්‍යම වෙළෙඳ කොමිසම පරීක්ෂණ ආරම්භ කළේ මීට මාස කීපයකට පෙරය. ඇනලිටිකා සමාගමට දත්ත ලබා දුන් බව එම පරීක්ෂණවලින් තහවුරු විය. ෆේස්බුක් ආයතනයට දඩ නියම වූයේ ඒ අනුවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS