ෆ්ලොරීඩා හමුදා කඳවුරේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා පිහිටි නාවික ගුවන් කඳවුරක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
වෙඩි තැබීම කළේ ඇමෙරිකා සෞදි පුහුණු හමුදා අභ්‍යාසයකට සහභාගී වී සිටි සෞදි ජාතික හමුදා නිලධාරියකු බව පැවැසෙයි. පොලිස් නිලධාරීන් පසුව කළ වෙඩි තැබීමෙන් ඔහු ද ජීවිතක්ෂයට පත් විය.
වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වන්නේ පෙන්සකෝලා නාවික ගුවන් කඳවුරෙනි. ඇමෙරිකන් සහ සෞදි හමුදා සොල්දාදුවන් එක් වී පුහුණු අභ්‍යාසවල යෙදෙන්නේ දෙරටේ හමුදාමය සුහදත්වය වර්ධකය කර ගැනීම සඳහාය. සිද්ධිය ගැන කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද පැවැසෙයි.
(අල් ජසීරා)