ළැව් ගිනි නිවන්න හමුදාව යවයි



ඇමසන් වැසි වනාන්තරයේ හටගෙන ඇති ළැව් ගිනි නිවා දැමීමට කඩිවමින් පියවර නොගතහොත්, බ්‍රසීලය අයත් ලතින් ඇමෙරිකාව සමඟ පවත්වන වෙළෙඳ ගිවිසුම් වහා අත්හිටුවන බවට යුරෝපා රටවල රාජ්‍ය නායකයන් අනතුරු ඇඟවීමත් සමඟ ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ගේ සහායට බ්‍රසීල හමුදාව යැවීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට සිදුවී ඇත.

බ්‍රසීල අන්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සරානෝ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින්, ළැව් ගිනි නිවා දැමීමට හමුදාව යොදවන බව කියා සිටියේය.

මේ වනවිට ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් ගිනි නිවන ගුවන් යානා බ්‍රසීලයේ අසල්වැසියකු වන බොලිවියාවට පැමිණ ඇති බවත් බොලිවියාව දෙසින් ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි නිවා දැමීමට එම දැවැන්ත ගුවන් යානා ජලය ඉසින බවත් වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS