ළාබාල නායකයෙක්: අවුරුදු 31 යි



යුරෝපයට අයත් ඕස්ට්‍රියාවේ මධ්‍යමත දරණ ‘කොනවර්ටිව්’ ජනතා පක්ෂයේ නායක 31 හැවිරිදි සෙබෙස්තියන් කර්ස්, පසුගිය 15 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවත්, එසේ කළොත් ඕස්ට්‍රියාවේ ජාතික නායකයා වන ළාබාලතම තැනැත්තා කර්ස් වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සෙබෙස්තියන් කර්ස්ගේ ජනතා පක්ෂය සියයට 31 කට වැඩි ඡන්ද ප්‍රතිශතක් හිමිකර ගනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පත් වනු ඇතැයි ද පැවැසෙයි.

සෙබෙස්තියන් කර්ස් ඕස්ට්‍රියාවේ ජාතික නායකයා බවට පත් වෙමින් එරට දේශපාලනයේ පෙරැළියක් කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සෙබෙස්තියන් කර්ස්, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩිමත දරණ අයෙකි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS