හිටපු මුදල් ඇමැති චිදම්බරම් අත්අඩංගුවට



ඉන්දීය විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම, හිටපු මුදල් ඇමැතිවරයකු ද වන පලානියප්පාන් චිදම්බරම් මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණින.

ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පෙරේදා සවස 73 හැවිරිදි පලානියප්පාන් චිදම්බරම් අත්අඩංගුවට ගත් අවස්ථාවේ, ඔහුගේ ආධාරකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බව ද වාර්තා විය.

කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින්, පලානියප්පාන් චිදම්බරම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1984 වසරේ සිටය. චිදම්බරම් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.  චිදම්බරම් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද හොබවා ඇත.

2018 වසරේ වසරේ දී ද ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් චිදම්බරම් අත්අඩංගුවට ගත් නමුත් ඇප මත මුදා හැරුණු බව ද ඉන්දීය පුවත් සේවා පවසයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS