හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි



අයථා මුදල් ගනුදෙනු පිළිබඳ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාලදිවයින පොලිසිය එරට හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගෙන් ප්‍රශ්න කළේය.

මාලදිවයිනේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බරයේදීය. එයින් අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ පක්ෂය පරාජයට පත්වුණු අතර, විපක්ෂය නියෝජනය කළ ඊබ්‍රහීම් මොහොමද් සෝලි ට ජය හිමිවිය. සෝලි මැලදිවයින ජනාධිපති ලෙස එම ධුරයේ කටයුතු කරයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී, යමීන්ගේ පෞද්ගලික බැංකු ගිණුමකට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක මුදලක් තැම්පත් වූ බවට චෝදනා එල්ල වන්න විය.

පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළේ එම චෝදනා සම්බන්ධයෙන් යැයි එම ප්‍රශ්න කිරීම්වලින් පසු හිටපු ජනාධිපතිවරයා මාලේ අගනුවරට රැස්වුණු තම ආධාරකරුවන් හමුවී පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS