හයවසරකට පසුව දකුණු සුඩානයට සාගතයක් !



දකුණු සුඩානයේ ප්‍රදේශ කීපයක දරුණු සාගත තත්වයක් පවතින බව ප්‍රකාශයට පත්කොට ඇත.

වසර හයක කාලයකට පසුව ලෝකයේ රටක් එවැනි තත්වයක් ප්‍රකාශයට පත්කරන ලද පළමු අවස්ථාව මෙයයි.

දකුණු සුඩාන් ආණ්ඩුව සහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලැබ ඇති නිවේදනයට අනුව ලක්‍ෂයක් පමණ ජනතාව දැනටමත් සාගතයකට මුහුණ දී සිටින අතර තවත් දශලක්ෂයකට අධික ජනකායක් සාගතයට ගොදුරුවීමේ අවදානමක ජීවත් වෙති.
එම තත්වයට හේතුව හැටියට දැක්වෙන්නේ රටතුළ පවතින සිවිල් යුද්ධය සහ ආර්ථිකයේ කඩා වැටීමයි.

යේමනය, සෝමාලියාව සහ ගිනිකොන නයිජීරියාවේ උද්ගත වියහැකි සාගත තත්වයක් පිළිබඳව කලක පටන් අනතුරු ඇඟවීම් සිදුකොට ඇතත්, සාගත තත්වයක් ප්‍රකාශයට පත්කළ පළමුරට දකුණු සුඩානයයි

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...

 


RECOMMEND POSTS