හදිසි තත්ත්වය ඉවත් කෙරේ



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ජපානයේ පැනැවූ හදිසි තත්ත්වය මේ වනවිට ඉවත් කර ඇත.

'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බැවින් මෙම තීරණය ගත් බව ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පැවැසුවේය.

ටෝකියෝ පමණක් නොව, තවත් පළාත් සහ නගරවලට පැනැවූ හදිසි තත්ත්වය ද ඉවත් කෙරේ. කනගාවා, චීබා සහ සයිටාමා යන ප්‍රදේශවලට මෙසේ හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබුණි.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS