සෝල් නගරාධිපති අතුරුදන්



දකුණු කොරියාවේ සොල් අගනුවර නගරාධිපති පාක් වොන් සූන්, අතුරුදන් බව වාර්තා වේ.

සෝල් පොලිසිය පැවැසුවේ, නගරාධිපතිවරයා අතුරුදන් බවට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් කඩිනමින් ආරම්භ කළ බවය.

පාක් වොන් සූන්ගේ ජංගම දුරකතනයෙන් ලැබුණු සංඥා අනුව, පොලිසිය සෝල් අගනුවරට අයත් සංග්බක් පළාතේ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

64 හැවිරිදි පාක් වොන් සූන්, සෝල් අගනුවර නගරාධිපති ධුරය හොබවන්නේ 2011 වසරේ සිටය. පසුගිය වසරේ ජූනි මාසයේ පැවැති නගරසභා මැතිවරණයෙන් ද පාක් වොන් සූන්, යළිත් වරක් ජයග්‍රහණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS