සූ කී ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට



මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී මියන්මාර නියෝජිත කණ්ඩායමක් ද පිරිවරාගනිමින්, නෙදර්ලන්තයේ හේග් නුවර එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඒ, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කළේ යැයි නායිකා සූ කී සහ මියන්මාර රජයට චෝදනා එල්ල වී ඇති බැවිනි.

රොහින්ග්‍යා යනු මියන්මාරයේ රකීන් පළාතේ වෙසෙන මුස්ලිම් වැසියන්ය. මියන්මාරය බෞද්ධ රාජ්‍යයකි. රොගින්ග්‍යා මුස්ලිම් වැසියන් රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ද රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සමඟ එක් වී සිටිනවා යැයි මියන්මාර හමුදා චෝදනා කරයි.

2011 වසරේ දී රොගින්ග්‍යා වැසියන් ඉලක්ක කර ගනිමින්, මියන්මාර හමුදාව පහර දීම් කළ බවටත්, මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.

එම ගැටුම් හේතුවෙන් 7,30,000 ක මුස්ලිම් වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් ඇත. ඔවුන් බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල වාසය කරන බව පැවැසෙයි.

මියන්මාර හමුදාව, රොගින්ග්‍යා වැසියන්ට අපරාධ කළ බවටත්, මානව හිමිකම් උල්ලංගනය කළ බවටත් මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ හමුදා ප්‍රධානීන්ට චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා මුල්කොට ගනිමින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ සූ කීට බටහිර රටවලින් දොස් අහන්න ද සිදුවිය.

අවුන් සාන් සූ කී සහ නියෝජිතයන් හේග් නුවර එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් මියන්මාර රජයේ පාශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමටය.

හේග් නුවරදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS