සිරියාවට ස්ථාවර රජයක් හඳුන්වා දෙනවා: පුටින් කියයි



සිරියාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයට මැදිහත්වීමට කිසිදු අදහසක් නොමැති නමුත්, සිරියාවේ ස්ථාවර රජයක් පිහිටුවීම වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කරන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් කියා සිටී.

සිරියානු අර්බුදයේ දී රුසියාව සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ‘ෂියා’ මුස්ලිම් රජයටය. රුසියාව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළේ ද සිරියානු රජයේ හමුදාවට සහාය දක්වමිණි.

සිරියාවට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවත්, එසේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම කරගත යුත්තේ සිරියානු වැසියන් විසින් පමණක් බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS