සැප නැවක් මුහුද මැද කැඩිලා



සංචාරක මගීන් 1,300 ක පිරිසක් රැගත් සුඛෝපබෝගී කෲස් නෞකාවක්, ඇන්ජින් අක්‍රිය වීමෙන් නෝර්වේ රාජ්‍යයට ඔබ්බෙන් මුහුද මැද නතර විය.

‘වයිකිං ස්කයි’ නමැති මෙම නෞකාව තමන්ට සිදුවුණු අකරතැබ්බ නෝර්වේ වෙරළාරක්ෂක සේවයට දන්වා ඇති අතර, වෙරළාරක්ෂක සේවය හෙලිකොප්ටර් යානා පහක් යොදවා නැවේ කොටු වී සිටි පිරිස බේරා ගන්නා ලදී.

ඊට අමතරව, භාණ්ඩ ප්‍රවාහන නැවක් සහ තවත් කුඩා යාත්‍රා කීපයක් ද ‘වයිකිං ස්කයි’ නැවේ සහායට පැමිණි බව ද වාර්තා වේ.

ඔස්ලෝහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS