සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර හදිසි තත්ත්වයක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බියෙන් ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නගර බලධාරීහු කටයුතු කළහ.

සැන් ෆ්‍රැන්සිස්කෝ යනු ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සිවුවැනි විශාලතම නගරයයි. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළත්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් තවමත් කිසිදු වයිරස ආසාදිතයකු හමුවී නැත.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට පමණක් මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වයිරසය නගරයේ පැතිරුණොත් ඊට මුහුණ දෙන ආකාරය ගැන නගරවැසියන් දැනුවත් කරමින් යැයි සැන් ෆ්‍රැන්සිස්කෝ නගරාධිපති ලන්ඩන් බ්‍රීඩ් පවසා ඇත.

සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS