සාමාජිකත්වය ඉන්දියාවට



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය ඉදිරි තෙවසර සඳහා ඉන්දියාවට ද හිමි වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දියාව සාමාජිකත්වය හිමිවූයේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවීම සිදුවූයේ පැවැති ඡන්ද විමසුමකදීය. හිමිවුණු ඡන්ද සංඛ්‍යාව 188 කි. ඡන්ද විමසුම රහසේ පැවැත්වුණු බව පැවැසෙයි.

සාමාජිකත්වය හිමිකර ගැනීමට නම් ඡන්ද 97 කට වඩා හිමිකරගත යුතු විය. එක්සත් ජාතීන්ගේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් ගණන 193 කි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS