සාකච්ඡා ඇරැඹීමට සූදානම්



රාෂ්ට්‍රපතිභවන් හි පැවැති පිළිගැනීමේ උත්සවයෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා එක් වී, මහත්මා ගාන්ධි සිහිකරමින් පැළයක් ද රෝපණය කිරීමෙන් පසු, යුවල  ‘හයිද්‍රාබාද් හවුස්’ මන්දිරය බලා පිටත්වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’ මන්දිරය වෙත ට්‍රම්ප් සහ මෙලානියා රැගෙන ගියේ ඉන්දීය අගමැති මෝදිය. මෝදි සහ ට්‍රම්ප් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙද්දී, මෙලානියා නවදිල්ලි නුවර රජයේ පාසලක සංචාරයක් සඳහා පිටව ගියාය. ඒ, විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS