ස්වෙත්ලානා රටින් පනී



බෙලරූසයේ පැවැති ජනාධිපතිවරණයේ දී, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට අභියෝග කළ ප්‍රධාන ප්‍රතිවාදියකු වූ ස්වෙත්ලානා ටිකාන්නොව්ස්කායා ලිතුවේනියාවට පලා ගොස් ඇතැයි පැවැසෙයි.

ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, වසර 26 ක් තිස්සේ බලයේ රැඳී සිටින ලුකෂෙන්කෝට යළිත් විශිෂ්ට ජයක් හිමිවිය. ඒ, සියයට 80 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් සමඟිනි. ස්වෙත්ලානා විසින් මෙහෙයවනු ලැබූ ‘නිදහස්’ පක්ෂයට හිමි වූයේ සියයට 7 ක ප්‍රතිශතයකි.

එය කිසිසේත් පිළිගැනීමට නොහැකි බව ස්වෙත්ලානා සහ ඇගේ නිදහස් පක්ෂය චෝදනා නගන්න වූ අතර, මින්ස්ක් අගනුවර විරෝධතා පැවැත්විණි. 500 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැණින.

37 හැවිරිදි ස්වෙත්ලානා ලිතුවේනියාව බලා පලා ගොස් ඇත්තේ ඇගේ ජිවිතයට අනතුරක් වේවි යැයි පැවැති බිය නිසා යැයි ද පැවැසෙයි. ලිතුවෙනියාව, බෙලරූසයේ අසල්වැසියාය.

මින්ස්ක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS