ස්පාඤ්ඤ මැතිවරණයෙන් අගමැතිට ජය



ස්පාඤ්ඤයේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති පේඩ්‍රෝ සැන්චේස් සහ ඔහුගේ සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කළේය.

මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, අගමැති සැන්චේස්ගේ සමාජවාදී පක්ෂයට බහුතර බලය හිමි නොවිණි.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. බහුතර බලය සඳහා ආසන 176 ක් දිනා ගත යුතුය. කෙසේ නමුත් සැන්චේස්ගේ සමාජවාදී පක්ෂය දිනාගත්තේ ආසන 120 ක් පමණි.

ස්ථාවර රජයක් නොමැති බැවින් වසර ගණනාවක පටන් ස්පාඤ්ඤයේ දේශපාලන අර්බුද පවතී. පසුගිය අප්‍රේල් මාසයේදීද මහ මැතිවරණයක් පැවැත්විණි. එම අවස්ථාවේදී ද බහුතර බලය හිමි නොවුණ ද සැන්චේස්ගේ සමාජවාදී පක්ෂය ආසන 120 ට වඩා ජයග්‍රහණය කළේය.

මෙවර මැතිවරණයෙන් කාන්සවටිව් ‘පොපියුලර්’ පක්ෂය දෙවැනි ස්ථානයටත් අන්ත දක්ෂිණාංශික ‘වොක්ස්’ පක්ෂය තෙවැනි ස්ථානයටත් පත් විය.

මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS