සමාජයේ ආසාදිතයෝ නැහැ



චීන සමාජයෙන් තවදුරටත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු නොවන බවත් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත් චීන පුවත් සේවා වාර්තා කළේය.

අවසන් වරට චීනයෙන් ‘කොවිඞ් 19’ ආසාදියන් 9 දෙනකු වාර්තා වූ නමුත් මොවුන් විදේශවල සිට පැමිණි චීන ජාතිකයන් බවත් පැවැසෙයි. චීනයේ බීජිං අගනුවරට පනවා ඇති තහංචි පවා කෙමෙන් ලිමිල් කිරීමට චීන රජය පියවර ගෙන ඇත. ඒ, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුවය.

චීන සෞඛ්‍ය අංශ ජනතාවට සහතික වී ඇත්තේ සමාජයෙන් කිසිදු ආසාදිතයකු හමු නොවන බවය. එසේ වුවත්, වයිරස අවදානම තවමත් අඩු වී නොමැති බවත්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් මුහුණු ආවරණ දිගටම පැලැඳිය යුතු බවත් සෞඛ්‍ය අංශ ජනතාවට පවසා ඇත.

චීනයේ ‘කොවිඞ් 19’ දෙවැනි වයිරස රැල්ලක් හිස එසවීය. ඒ, බීජිං අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවෙද්දී, බීජීං සෞඛය බලධාරීන් වහා ක්‍රියාත්මක වී වයිරස ව්‍යාප්තිය පාලනය කළේය. ඒ අනුව නව මරණ කිසිවක් වාර්තා නොවුණු බව ද පැවැසිණි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS