සමරු කාසියක් අච්චු ගහලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු හමුව සම්බන්ධයෙන් ඇමෙරිකාව විශේෂ සමරු කාසියක් මුද්‍රණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපතිගේත් උතුරු කොරියා නායකයාගේත් රූ සහිත දෙරටේ ජාතික ධජවලින් ද අලංකාර වුණු, රන් ආලේප කළ මෙම විශේෂ සමරු කාසිය අච්චු ගසා ඇත්තේ ඇමෙරිකන් හමුදාවය. මෙම කාසියේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් 19.95 කි.

කෙසේ නමුත් ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුව අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇත. එහෙයින්, සමරු කාසියේ ද අවලංගු වනු ඇති බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS