සති 7 කට පසු කොරෝනා ඔඩුදුවයි



සති හතකට පසු ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන යළි ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් පවසයි.

ආසාදිතයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති නමුත්, සංචරණ සීමා දිගටම පවත්වා ගැනීමට සෑම රටක් ම පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර තිබේ.

‘සති 7 කට පසු, යළිත් වරක් ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබෙනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අප උත්සාහ ගන්න ඕනෑ. එසේ නොවුණහොත්, යළිත් වරක් ආසාදිතයන් වැඩිවේවි.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

මේ වනවිට ලෝකයේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 114,995,381 ක් දක්වා ඉහළ ගියේය. මරණ වාර්තා වූයේ 2,550,296 ක් ලෙසය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 90,721,225

යූරිච්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS