ශක්තිමත් ඉන්දියාවක් ගොඩනගනවා - මෝදි කියයි



ලැබූ විශිෂ්ට ජය සමරමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ශක්තිමත් ඉන්දියාවක් ගොඩනැගීමට තමන් සහ තම භාරතීය ජනතා පක්ෂය සූදානම් බවය.

අගමැති මෝදි මේ බව කියා සිටියේ ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමිනි. ‘එකමුතු වුණොත් අපට ජය නියතයි. සමෘද්ධිය කරා යන්න පුළුවන්. ශක්තිමත් ස්ථාවර ඉන්දියාවක් අපි බිහි කරනවා’ යැයි ජනතාවට අගමැති මෝදි පොරොන්දුවක් දුන්නේය.

සවස නවදිල්ලි අගනුවර භාරතීය ජනතා පක්ෂය මූලස්ථානයේ පැවැති විශේෂ සාදයක් ද පැවැත්විණි. ජයග්‍රහණය කරා භාරතීය ජනතා පක්ෂය මෙහෙයවූ පක්ෂ ආධාරකරුවන් 20,000 කට එම විශේෂ සාදයට පැමිණෙන්නැයි අගමැති මෝදි ඇරැයුම් කර තිබුණැයි ද වාර්තා විය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS