වේගයෙන් ගියැයි වාහනය රාජසන්තක කරලා



එමිරේට් රාජ්‍යයේ අල්-අයින් නගරයේ පිහිටා ඇති නහෙල් අධිවේගි මාර්ගයක පැයට කිලෝමීටර් 282ක අධික වේගයෙන් තරගයට වාහන ධාවනය කල එම්රේට්ස් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වාහන රාජසන්තක කිරීමට එමිරේට්ස් පොලීසිය කටයුතු කිරීමේ පුවතක් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

“අධිවේගි මාර්ගයක අපරීක්ෂාකාරී අන්දමින් අධික වේගයකින් වාහන ධාවනය කල පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා“, එමිරේට්ස් මාර්ග දෙපාර්තුමේන්තුවේ ප්‍රධානි, ලුතිනන් කර්නල් සලා අබ්දුල්ලා අල්- හමිරි ප්‍රකාශ කලේය.

මොවුන් දෙදෙනා අධිවේගි මාර්ගය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව නොතකමින් අපරීක්ෂාකාරි සහ තරගකාරි අන්දමින් ධාවනය කරන අයුරු ඡායාරූප ගත කර සහ විඩියෝ කර සමාජජාල වෙබ් අඩවියකට දමා ඇති බව වාර්තා වේ.  

බරපතල ලෙස රථවාහන නීති උල්ලංඝනය කිරීම නිසා එමිරේට්ස් රථවාහන පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වාහන රාජසන්තක කර නීති මගින් කටයුතු කිරීම සදහා කටයුතු කරන ලදී.

ඔවුන්ගේ වාහන වල සවිකර ඇති මීටරයන් වේගය වැඩකිරීම සදහා නීති විරෝධි ආකාරයෙන් වෙනස් කර ඇති බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බව එමිරේට්ස් පොලිසිය ප්‍රකාශ කලේය.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS