විස මාළුවා වෙළෙඳපොළේ



‘බ්ලෝෆිෂ්’ යන නමින් හැඳින්වෙන මත්ස්‍යා උග්‍ර විස සහිත නමුත් ජපන් වැසියන්ගේ ප්‍රියතම ආහාරයකි.

මෙම විස මත්ස්‍යයා ආහාරයට පිලියෙළ කරනු ලබන්නේ ඉතා පළපුරුදු සූපවේදීන් විසිනි. ඒ විස කොටස් සූක්ෂම ලෙස ඉවත් කිරීමෙනි. ජපනුන් ‘බ්ලෝෆිෂ්’ මත්ස්‍යා හඳුන්වන්නේ ‘ෆූගු’ යන නමිනි.

කෙසේ නමුත් විස කොටස් ඉවත් නොකළ බ්ලෝෆිෂ් මසුන් වෙළෙඳපොළට වැරදීමකින් නිකුත් වීමත් සමඟ මධ්‍යම ජපානයේ ගමගෝරී මාළු වෙළෙඳපොළ ආශ්‍රිතව මහ කලබලයක් හටගත්තේය.

ජපන් බලධාරීන් වහා ක්‍රියාත්මක වී ඒ ගැන ජපන් වැසියන්ට අනතුරු ඇඟවීමට කටයුතු කළ බව ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS