විශ්වාසභංගය පරදී



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ සුළුතර රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජයට පත් විය.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයයි.

කම්කරු පක්ෂයේ නායක ජෙරමි කොර්බින් අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ සුළුතර කොන්සවර්ටිව් පක්ෂ රජයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ අගමැතිනී තෙරේසා මේ, ‘බි‍්‍රක්සිට්’ මුල්කොට ගනිමින්, සැකැසූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡුන්ද විමසුම අවසන් වීමෙන් පසුය.

එම ඡන්ද විමසුම පැවැත්වූයේ පසුගිය 15 වැනිදාය. අගමැතිනී තෙරේසා මේ යුරෝපා සංගමයේ නායකයන් සමඟ සාකච්ඡ කරමින් සකස් කළ එම යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විරෝධය එල්ල විය. පාලක කොන්සවර්ටිව් පක්ෂයේ බොහෝ දෙනා ද එම යෝජනාවට විරෝධය පළ කර තිබුණි.

විපක්ෂ නායක කොර්බින්, අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ සුළුතර රජයට අභියෝග කරමින් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ එම අවස්ථාවෙදීය.

අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ රජයට පක්ෂව ඡන්ද 325 ක් හිමිවුණු අතර විශ්වාසභංගයට පක්ෂය හිමිවූයේ ඡුන්ද 306 කි. ඒ අනුව, තව දුරටත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් සාකච්ඡ පවත්වා බි‍්‍රතාන්‍යයට පමණක් නොව, යුරෝපා සංගමයට ද වාසි වන අයුරින් නව යෝජනාවක් සකස් කර ගැනීමට අගමැතිනී තෙරේසා මේ ට අවස්ථාවක් හිමිවුණු බව බි‍්‍රතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS