විලියම් කේට් පාසල් දරුදැරියන් හමුවෙයි



පාකිස්තානයේ පස් දින නිල සංචාරකට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිද කේට් මිඩ්ල්ටන් ඉස්ලාමාබාද් අගනුවර පාසල් කීපයකට ගොස් සිසුදරුදැරියන් සහ ගුරුවරුන් හමුවූහ.

විලියම් කේට් යුවලගේ දරු තිදෙනා ජෝර්ජ්, චාලට් සහ ලූවී මෙම පාකිස්තාන සංචාරයට සහභාගී වන්නේ නැත. විලියම් කේට් යුවල දින පහක් පාකිස්තානයේ රැඳී සිටින බවත්, ඔවුන් සමාජ සත්කාර වැඩසටහන් රැසකට දායක වනු ඇති බවත් කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විලියම් කේට් යුවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත. ඒ, පාකිස්තාන හමුදාවේ අධීක්ෂණය යටතේය.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS