වියට්නාම් ජනාධිපති සමුගනී



වියට්නාම් ජනාධිපති ට‍්‍රාන් දායි කුඅංග් හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය  නිවේදනය කළේය.

ජනාධිපති ට‍්‍රාන් දායි දීර්ඝ කාලයක් තිස්සේ මාරක රෝගී තත්ත්වයකින් පීඩා විඳි බවත්, රෝගය හදිසියේ උත්සන්න වීමෙන් ජනාධිපතිවරයා සමුගත් බවත් එරට රජය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. මියයන අවස්ථාවේදී ජනාධිපති ට‍්‍රාන් දායි සිට ඇත්තේ හනෝයි නුවර හමුදා රෝහලේ යැයි ද වාර්තා වේ.

වියට්නාම රජය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වන්නේ, ජනාධිපතිවරයා පසුගිය කාලවකවානුවේ දේශීය මෙන්ම විදෛ්ශීය විශේෂඥයන්ගෙන් ප‍්‍රතිකාර ලබා ගත් බවත් රෝගී තත්ත්වය පරාජය කිරීමට ඔහුට හැකියාවක් නොලැබුණු බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS