විපක්ෂයට දක්ෂිණාංශික මතධාරියෙක්



දක්ෂිණාංශික මතධාරී කොංග්‍රස් සභික පාබ්ලෝ කැසාඩෝට, ස්පාඤ්ඤයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත.

ස්පාඤ්ඤයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන්නේ ‘ජනප්‍රිය’ පක්ෂයයි. පක්ෂ නායකත්වයට පත්වුණු 37 හැවිරිදි කැසාඩෝ, කැටලෝනියා බෙදුම්වාදීන් සම්බන්ධයෙන් දැඩිව තීන්දු තීරණ ගන්නා අයෙකි.

කැටලෝනියාව යනු ස්පාඤ්ඤයට අයත් එක් පළාතකි. මෙම පළාතේ ස්වයං පාලනයක් පවතින අතර, කැටලෝනියා වැසියෝ ස්පාඤ්ඤ රජයට එරෙහිව යමින්, වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටිති. ඒ සඳහා ජනමත සමීක්ෂණයක් පවා පැවැත්වුණු අතර, එය අවලංගු කිරීමට ස්පාඤ්ඤ රජය කටයුතු කළේය.

මෙම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ හිටපු අගමැති මාරියෝ රජෝයි ය. පසුගිය මාසයේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු රජෝයි ට සිය ධුරටත් පක්ෂ නායකත්වයත් අහිමි විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS