විපක්ෂ නායකට ආරක්ෂක ඇමති ධුරය



ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් යළි ජනවරමක් හිමිවුණු යාකෝ විඩෝඩෝ ජනපති ධුරයේ යළි දිවුරුම් දීමෙන් පසු සිය නව අමාත්‍ය මණ්ඩලය පත් කළේ, ජනපතිවරණයේ දී ප්‍රතිවාදී අපේක්ෂකයා මෙන්ම විපක්ෂ නායකයා ද වූ ප්‍රබෝවා සුබියන්තෝ ට ආරක්ෂක අමත්‍ය ධුරය පිරිනමමිනි.

ප්‍රබෝවා සුබියන්තෝ ඉන්දුනීසියාවේ හිටපු හමුදාපතිවරයෙකි. පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු එකම ජනාධිපති අපේක්ෂකයා වූයේ ද සුබියන්තෝ ය. යාකෝ විඩෝඩෝ ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2014 ජනාධිපතිවරණයෙනි. එම අවස්ථාවේදී, විඩෝඩෝට අභියෝගයක් වුණු එකම අපේක්ෂකයා සුබියන්තෝය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත්සභා මැතිවරණය එකවිට පැවැත්වූයේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය. ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ ක්‍රියාත්මක වූ වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලිය මෙය යැයි සැලකෙයි. ඉන්දුනීසියාව ඉස්ලාමීය රාජ්‍යයකි. ඉස්ලාමීය රාජ්‍යයක පැවැති විශාලතම මැතිවරණය මෙය යැයි ද පැවැසෙයි.

මැතිවරණ බලධාරීන් මහත් සේ පීඩාවට පත් කිරීමට ද  ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත්සභා මැතිවරණය සමත් වුණු අතර එම පීඩනය හේතුවෙන් මැතිවරණ බලධාරීන් දහසකට වැඩි පිරිසක් මියගිය බව ද වාර්තා විය.

අප්‍රේල් 17 වැනිදා පැවැති එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම සුබියන්තෝ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, රටේ දේශපාලන නොසන්සුන්තාවක් නිර්මාණය විය. කෙසේ නමුත් සුබියන්තෝ සමඟ මිතුදම් ඇති කර ගනිමින්, ජනතාව වෙනුවෙන් එක් වී රටට සේවකයක් කිරීමට ජනාධිපති විඩෝඩෝ නම්‍යශීලී වූයේය. එය ඉන්දුනීසියානුවන් බොහෝ දෙනකුගේ පැසැසුමට හේතුවක් ද විය.

ජකර්තාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS